Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2023 15:31:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම සංචාරයේදී, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ වත්මන් සුබසාධන ව්‍යාපෘති, දැනට ක්‍රියාත්මක යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, යුද්ධ හමුදා ශක්තීන් කළමනාකරණ පද්ධතිය සහ වත්කම් කළමනාකරණ පද්ධතිය මෙන්ම සියලු නිලයන්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

දේශනය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.