Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2023 00:10:20 Hours

දියතලාව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හරස්කරමින් වැටී තිබූ පස් කන්දක් ඉවත්කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු නිලධාරියෙක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සිකුරාදා (නොවැම්බර් මස 17) දින පෙරවරුවේ දියතලාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය අවහිර කරමින් වැටී තිබූ විශාල පස් කන්දක් සහ ගල්පර ඉවත් කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික සහය ලබාදුන්හ.

‍මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් එම මාර්ගයට වැටී තිබූ පස් සහ ගල්පර ඉවත්කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබීය.

මෙම හදිසි ව්‍යාපෘතිය සඳහා නිලධාරියෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.