Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2023 16:43:00 Hours

මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ආර්එස්පී (විශ්‍රාමික) විසින් රචිත ‘දෙපෙරමුණක සටන්’ කෘතියේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමයි

මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ආර්එස්පී (විශ්‍රාමික) විසින් රචනා කරනු ලැබූ ‘දෙපෙරමුණක සටන්’ කෘතියේ පිටපතක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත පිරිනමනු ලැබීය.

ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවධියේදී මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ආර්එස්පී (විශ්‍රාමික) අත්විඳි අත්දැකීම් සහ මුහුණු දුන් සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබඳ කරුණු අන්තර්ගත කරමින් මෙම නව කෘතිය රචනාි කර ඇත. රණවිරුවන්ගේ නිර්භීතකම සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ඔවුන් දැක්වූ අසමසම දායකත්වයට උපහාර පුදකිරීම ද මෙම නව ග්‍රන්ථය තුළින් සිදුකෙරේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ආර්එස්පී (විශ්‍රාමික) ගේ මෙම නව කෘතිය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සිය සුබපැතුම් ද එක්කළේය.