Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2023 05:32:34 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මුල්ලේරියාව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ

ඩෙංගු වසංගතය පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් ගොටටුව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන්හි නොවැම්බර් මස 11, 20 සහ 23 දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ සෞඛ්‍ය බලධාරින් 10 දෙනෙකුගේ සහයෝගය මත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කණ්ඩායම් 15ක් ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරීව සහභාගී වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිවාස 150 ක් පමණ පරීක්‍ෂවට ලක් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීමට කඩිනම් පියවර ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් ලබාදෙනු ලැබීය.