Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2023 20:23:34 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ලක්‍ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 27 වැනි සංවත්සර දිනය නොවැම්බර් මස 19 දින සිට 27 දින දක්වා ශ්‍රී පාදස්ථාන සමන් දේවාලය සහ මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවැත්වූ ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සමරනු ලැබීය.

සංවත්සර දින උත්සවය වෙනුවෙන් කඳවුරු පිරිශ්‍රය වෙත සපැමිණි 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් සංවත්සර දිනය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, උත්සව අවස්ථාව සඳහා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු සහභාගී වූහ.