Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2023 20:18:53 Hours

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පිදුරුතලාගල පිහිටි 3 (ස්වේච්ඡා)ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයකක් නිරත වූයේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර අනතුරුව එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් විසින් ඒකකයේ වත්මන් කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, අනතුරුව සියලු භටපිරිස් අමතනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙතින් නික්ම යාමට පෙර එතුමන්, ඒකකයේ සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.