Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2023 21:38:10 Hours

7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පානිච්චන්කුලම් වැව් බැම්මේ ජල කාන්දු වීම පිළිසකර කරයි

7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින කඩිනමින් ක්‍රියාත්මක වී පම්පෙයිමඩු, පානිච්චන්කුලම් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දුවක් පිළිසකර කරන ලදී. එහිදී එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැවති අධික වර්ෂාව මධ්‍යයේ සිදුවීමට තිබූ විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබූහ.

ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් මෙම වැවෙහි නඩත්තු කටයුතු සිදුකරන අතර, ප්‍රදේශයේ අක්කර 15 කට ආසන්න වගාවන් සඳහා වැවෙන් වාරි ජලය සපයයි. යුද්ධ හමුදා භටපිරිස් පැවති ගංවතුර තත්ත්වය හමුවේ වුවද කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ජල කාන්දුව පිළිසකර කර වගාවට සිදුවීමට තිබූ හානිය වැලැක්වීමට කටයුතු කරනු ලැබූහ.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 563 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ජේ.ඒ දසනායක ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම කාර්යය සිදුකරන ලදී. යුද්ධ හමුදාවේ මෙම ක්‍රියාව ගම්වාසීන්ගේ ඇගයීමට ලක්විය.