Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2023 20:47:26 Hours

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ. එම්. පී. එස්. බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් රොක් හවුස්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. මේජර් ජෙනරල් කේ. එම්. පී. එස්. බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එහිදී භටපිරිස් අමතමින් වත්මන් නිලය දක්වා පැමිණි ගමන් මග වෙනුවෙන් සහයෝගය ලබාදුන් රෙජිමේන්තුවේ විශ්‍රාමික සහ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සිය කෘතවේදීත්වය පුද කළේය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් වෙනුවෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.