09th November 2023 20:49:12 Hours
සිවිල් ගුවන් සේවා අධිකාරීය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, එතුමන්ගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී මග පෙන්වීම යටතේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ පුහුණු කරුවන් සදහා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව මගින් පසුගියදා පුහුණු සැසියක් පවත්වනු ලැබීය.
පුහුණු සැසියේ මූලික අරමුණ වූයේ ගුවන් සේවා අධිකාරීයේ නිලධාරින්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීමයි.
පුහුණු සැසිය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 04) දින මත්තේගොඩ, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ පැවති අතර, එහිදී සිවිල් ගුවන් සේවා අධිකාරීයේ පුහුණු කරුවන් 145 දෙනෙකු සහභාගී වූහ.ගුවන් තොටුපොල ආරක්‍ෂාව සම්බන්දයෙන් වැදගත් වන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ, න්‍යෂ්ටික, පුපුරණ ද්‍රව්‍ය සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව දැනුම ලබාදුන්හ.
පුහුණු සැසියේදී යුද්ධ හමුදා පුහුණුකරුවන් විසින් ඔවුන් වෙත පුපුරණ ද්‍රව්‍ය සාම්පල සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය අනුරූ සමඟින් ප්‍රායෝගික පුහුණුවද ලබා දුන් අතර, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව විසින් භාවිතා කරන අති නවීන පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම හා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික උපකරණ පරීක්‍ෂා කිරීමේ අවස්ථාවද ඔවුන්ට හිමි විය.
යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ ඉංජිනේරු සේනාංකයේ කාර්යයේ නියුතු කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ උපදෙස් මත 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු සැසිය පවත්වනු ලැබීය.