Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2023 22:27:58 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් යාපනයේ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යාපනය, තොණ්ඩිමනාරු වීරහත්තිපිල්ලෙයි මහා විද්‍යාලයේ සිසුන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පවත්වනු ලැබීය.

52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 521 පාබල බලසේනාවේ සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව මෙම වැඩසටහන පැවත්වනු ලැබීය.

යාපනය, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් ඕ.ආර්.එස් කුමාර විසින් මෙම දේශනයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබූ අතර, දර්ශනවාදය හා මනෝවිද්‍යාව පිළිබඳ උපදේශකවරයෙකු වන සල්වමෝරියානු ජේ නිර්මාල් සුරංජන් පියතුමා ආරාධිත දේශකයෙකු වශයෙන් පාසලේ ළමුන් සඳහා මෙම දේශණය සිදුකරනු ලැබීය.