Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2023 22:31:33 Hours

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය -2023 දියතලාවේදී ආරම්භ වේ

යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය -2023 පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින දියතලාවේ ස්ථාපිත වෙඩි පිටියේදී ආරම්භ විය.

විවෘත සහ ආධුනික කාණ්ඩ යටතේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 35 කගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 07 දින සිට 16 දින දක්වා දින 10 ක කාල සීමාවක් මෙම තරඟාවලිය පැවැත්වේ.

ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලෙහි සේනාවිධායක සහ යුද්ධ හමුදා කුඩා අවි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර, යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.