Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2023 20:13:28 Hours

අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල සංචාරයක

අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආරඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින පනාගොඩ, වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක නිරත විය.

වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කර්නල් එන්.ඒ.එස්.සී පෙරේරා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් එම අධ්‍යක්‍ෂක මණ්ඩලයට අදාළ කරුණු පිළිබඳව අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සමඟින් සාකච්ඡා කරන ලදී. මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආරඑස්පී එන්ඩීසී පීඑස්සී එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සමගින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ විසින් අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර, අනතුරුව එතුමන් නික්ම යාමට පෙර අමුත්තන්ගේ පොතතෙහි සමරු සටහනක්ද තැබීය.

වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.