07th November 2023 00:19:26 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින මයිලඩි, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙනුවෙන් 5 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරයද පිරිනමන ලදී.
මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර භටපිරිස් අමතා අනතුරුව, සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද එක්වූහ.
උත්සව අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.