07th November 2023 00:11:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා ඒඒටීඕ උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. නව බලකාධිපතිතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.
බ්‍රිගේඩියර් ඊ.එම්.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ මහාසංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූ එතුමන් එහිදී සියළු භපිරිස් අමතමින් විනයගරුක භාවය, වෘත්තීය දැනුම සහ එකමුතුකම බලකායේ ඉදිරි ප්‍රවර්ධනයට වැදගත්වන ආකාරය පිළිබඳව අවධාරනය කළේය.