Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2023 20:45:22 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ජේ.පී විතානාච්චි ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 121 පාබල බලසේනාවේ බලසේනාධිපති ලෙසත් බ්‍රිගේඩියර් ජේ.පී විතානාච්චි ආර්එස්පී යූඑස්පී, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කළමනාකරණ හා නඩත්තු ලෙසත් ධූරයේ රාජකාරි කටයුතු සිදු කළේය.

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගත් අතර, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා වෙත රෙජිමේන්තු වර්ණ සහිත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීට සරඹ භූමියේ විශේෂ පීඨීකාව වෙත ආරාධනා කරනු ලැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෙජිමේන්තුවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කීපයකටද පෙනී සිටි අතර, අනතුරුව සියළු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ. එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වූහ.