Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2023 20:36:45 Hours

රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිකරයි

රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පින් අනුමෝදනා කිරීමේ ධර්ම දේශනයක් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින පනාගොඩ පිහිටි 2 (ස්වෙඡ්චා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේදී පවත්වනු ලැබීය.

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් ධර්ම දේශනය පැවැත්වූ අතර, එම අවස්ථාවට 2 (ස්වෙඡ්චා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.