27th October 2023 09:01:35 Hours
වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය. එහිදී පැවති සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ ගේ අමරණීය මතකයන් සහ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය වෙනුවෙන් සිදුකළ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් වූ අතර භඨකාර්ය සම්පාදන නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදා විවිධ තාක්‍ෂණික අංශයන් වැඩිදියුණු කිරීම උදෙසා දැක්වූ දක්‍ෂතාවයන් පිළිබඳව ද ඇගයීමට ලක්කෙරිණි.
මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය කෘතඥතාව පුදකළේය.
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ සමඟින් සුහදව අදහස් හුවමාරුකරගනිමින් අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින්ද සුහදව අදහස් හුවමාරුකරගනිමින් වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය.
සුහඳ හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරන ලදී.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 34 බී සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති ධූරයන් හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 9 පාබල බලසේනාවේ අභ්‍යන්තර ආරක්‍ෂක කණ්ඩයේ කණ්ඩභාර නිලධාරි, ත්‍රිකුණාමලය ඉදිරි යුධෝපකරණ ගබඩාවේ නිලධාරී අණදෙන, 51 පාබල සේනාංකයේ ඉදිරි යුධෝපකරණ ගබඩාවේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි III, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මාණ්ඩලික නිලධාරි II (ප්‍රවාහන), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ පතොරම් තාක්‍ෂණික නිලධාරි සහ යුධෝපකරණ නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාර්යයේ නියුතු මාණ්ඩලික නිලධාරි I (ප්‍රවාහන), යුධෝපකරණ පුහුණු පාසලේ සේනාවිධායක, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි, 19 වන අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි, 54 පාබල සේනාංකයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ප්‍රසම්පාදන ප්‍රධානී, රාගම මූලික යුධෝපකරණ ගබඩාවේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවනු ලැබීය.
මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ යුදබිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වෙත ‘රණශූර පදක්කම’ පිරිනැමිණි.
මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ එතුමන්ගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙදිපිළි රසායනාගාරයේ පරීක්‍ෂණ වාර්තා ඇගයීම් සහ අර්ථ නිරූපණ පාඨමාලාව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අන්තරායකර භාණ්ඩ හඳුනාගැනීමේ පුහුණු සැසිය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, Mid-Career Course - පාකිස්ථානය, පතොරම් තාක්‍ෂණික නිලධාරීන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, ජ්‍යෙෂ්ඨ කළමණාකරන නිලධාරී පාඨමාලාව - ඉන්දියාව සහ උසස් යුධෝපකරණ කළමණාකරන පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (ආරක්‍ෂක අධ්‍යයන) උපාධිය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පාඨමාලාව වැනි හමුදාමය නොවන සුදුසුකම් රැසක් ද සපුරා ඇත.