Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2023 23:15:13 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 67 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 67 වන සංවත්සර දිනය වෙනුවෙන් ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් ඔක්තෝබර් මස 3 සහ 4 දෙදින තුළ පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවය 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එස්.පී. පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වීය.

මෙම සංවත්සර සැමරුමට සමගාමීව එම ඒකකයේ දිවංගත රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සෙත් පැතිම වෙනුවෙන් පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පැවැත්වී ය. ඉන් අනතුරුව භටපිරිස් අතර සුහදත්වය ප්‍රවර්ධනය කරමින් සුහද ක්‍රිකට් තරඟාවලියක් හා සං සංගීත වැඩසටහනක් ද පැවැත්විය.

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එස්.පී. පෙරේරා වෙත පසුගිය බදාදා (ඔක්තෝබර් මස 4) දින එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.