Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2023 23:27:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලික්තවයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින් වෙනුවෙන් වැඩමුළුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් එම අධිකාරියේ රථවාහන පාලන ඒකකයේ සහ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 20 දින ශ්‍රී ලංකා වරාය අධිකාරී පරිශ්‍රයේදී එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ මෙම වැඩමුළුවේදී දැනුවත් කෙරිණි. විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විනයාරක්‍ෂක ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසකගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩමුළුව විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී, පරිවාරක රථ රාජකාරි සහ ප්‍රභූ ආරක්‍ෂක මඟපෙන්වීමේ රාජකාරී පිළිබඳ උසස් න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩමුළුව ක්‍රියාත්මක කෙරිණි.