Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2023 23:21:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බළකායේ 'රථවාහන පාලනය සහ රථවාහන කළමනාකරණය' පිළිබඳ සෙබළුන් පුහුණු කරයි

‘රථවාහන පාලනය සහ කළමනාකරණය’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිස් නගර රථවාහන අංශය සමඟ එක්බද්ධව ඔක්තෝබර් මස 19, 20 සහ 21 යන තෙදින තුළ පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩමුළුක් පැවැත්වීය.

වැඩමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සි.ඒ. ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි විසින් සමාරම්භක දේශනය පැවැත්වූ අතර එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් වශයෙන් උසස් ප්‍රමිතීන්ට අනුකූලව පොලිස් රාජකාරි ඉටුකිරීම සඳහා දැනුම වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා නිලධාරීන් 06 දෙනෙකු සහ කොමිෂන් නොලත් නිලධාරීන් 59 දෙනෙකු සහභාගී වූ අතර එහිදී, මෝටර් රථ ප්‍රවාහන පනත හඳුන්වාදීම,රථවාහන පාලනය හැඳින්වීම, පොදු මාර්ගවල රථවාහන පාලනය කිරීම, මාර්ග සංඥා හඳුන්වාදීම, රථවාහන වර්ණ ආලෝක, මාර්ග නීති, රථ පෙළ හැසිරවීම, යුද හමුදාව විසින් සිදු කරන ලද වැරදි හා ශ්‍රිලංකා පොලිසිය සමඟ සම්බන්ධ වී වාහනවල වේගය පරීක්ෂා කිරීම වැනි රථවාහන පාලනයට අදාළ රාජකාරි පුහුණු වැඩ මුළුවට ඇතුලත් විය.

මෙම වැඩමුළුව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිසියේ සේනාංකාධිපති, විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිළධාරී, විනය ආරකෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් විනය ආරක්ෂක පුහුණු වැඩ මුළුවට සහභාගී වූහ.