Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2023 14:48:35 Hours

කලාපීය සාමය සහ ආරක්‍ෂාව සඳහා පාකිස්ථාන හමුදාවේ දායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී පාකිස්ථානයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අසීම් මුනීර් එන්අයි (එම්) (General Asim Munir NI (M)) පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 20) දින හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින පැවති විසිරයාමේ පෙළපාලිය සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ආරාධනා කරන ලදී.

පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික කාර්යාලය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

දෙරටෙහි යුද්ධ හමුදා ප්‍රධානීන් අතර පැවති එම සුහද හමුවේදී ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී කලාපීය සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය සඳහා පාකිස්‌තාන හමුදාවේ වෘත්තීමයභාවය සහ දායකත්වය පිළිබඳව පිළිබඳව ඇගයීමට ලක්කළේය.

ත්‍රිවිධ හමුදාවේ ආරක්‍ෂක හා පුහුණු ක්‍ෂේත්‍රයන්හි මෙරට සහ පාකිස්තානය සන්නද්ධ හමුදාවන්ගේ මිත්‍රශීලීභාවය, ඓතිහාසික සබඳතා, සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳව ද එහිදී පාකිස්තාන හමුදා ප්‍රධානී විසින් අවධාරණය කළේය. දෙරට හමුදාවන් අතර පවතින හුවමාරු වැඩසටහන් සහ විශේෂිත පුහුණු පාඨමාලාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද එහිදී අවධාරණය යොමුකළහ.

සුහඳ හමුව ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික මූලස්ථානයේ පිහිටි ‘Yadgar-e-Shuhada’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් පාකිස්ථාන යුද්ධ හමුදාවේ දිවිපිදූ රණවිරුවන්ට උපහාර දැක්වීය.