Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2023 21:41:29 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී, තලකිරියාගම රජමහා වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලකිරියාගම රජමහා වැවෙහි දකුණු ඉවුරු බැම්ම ගිලා බැසීම නිසා එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක් විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්ම ආරක්‍ෂා කිරීමට කටයුතු කළහ.

ගලේවෙල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් යුද්ධ හමුදාව දැනුවත් කිරීමෙන් පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පැය කීපයක් තුලදී දැඩි පරිශ්‍රමයක් දරා වැලි කොට්ට 500 ක් යොදා ගනිමින් වැව් බැම්ම කැඩී යාම වලක්වා ගැනීමට පියවර ගනු ලැබීය.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ මෙම කාර්යය ඇගයීමට ලක් කළේය. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 111 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් ලබා දුන් උපදෙස් මත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්, භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම කාර්යය අධීක්‍ෂණය කරන ලදී.