Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2023 22:34:29 Hours

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ඩ්‍රේ නිඩ්හෝෆර් (Lieutenant Colonel André Niedhoefer) සහ ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Captain Gerald Koch) මෙරට නිල සංචාරයක නිරත වූ අතර, සදුදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී, දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳවත්, දෙරටෙහි ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් පිළිබඳව ද අදහස් හුවමාරු කරගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම විවිධ පුහුණු වැඩසටහන් සඳහා දෙරටේ සන්නද්ධ හමුදාවන්ගේ සහභාගීත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළහ.

සුහද හමුව සමාප්තියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ නියෝජිත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.