13th October 2023 20:41:12 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ආර්. ඇල්විටිගල යූඑස්පී සහ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.ඩී. අධිකාරි යූඑස්පී විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් කඳවුරු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී ශ්‍රී ලංකා සංඥා බලකායේ දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝහාර පුදකළහ.
මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාව වෙත කැටුව ඒමෙන් අනතුරුව ඔවුන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් උසස්විම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංඥා බලකා නිලධාරින් සමඟ සමූහ ඡායාරූප සඳහා ද සහභාගි වූහ.
උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ හමුවිය.
අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ රෙජිමේන්තුවේ නිලධාරින් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවිය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණය කිරීම සිදුවිය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ආර්. ඇල්විටිගල යූඑස්පී සහ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී නිලධාරි නිවස්නයේදී සියලු නිලධාරින් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට සහභාගී විය. අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.