13th October 2023 20:36:23 Hours
ඔක්තෝබර් මස 14 දිනට යෙදෙන ගජබා රෙජිමේන්තුවේ 40 වන සංවත්සර දිනයට සමගාමීව අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් මස 12 සහ 13 දෙදින තුළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි. එම පුණ්‍ය අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘතුමන්ගේ භාර්යාව වන මානෙල් මංගලිකා විමලරත්න මහත්මිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, දිවංගත සහ රණක්‍ෂිතයට පත් ගජබා රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙරහැරකින් සර්වඥ ධාතු කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ ගෞරවණීය මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩමවනු ලැබීය. එහිදී, වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලා අතරින් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් මෙම දුෂ්කර කාලසීමාවේදී ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් යුද්ධ හමුදාධිපති වශයෙන් ඉටුකරනු ලබන කාර්යභාරයේ වැදගත්කම පිළිබඳ ප්‍රශංසාවට ලක්කළේය.
මෙහිදී, මහා සංඝරත්නය විසින් දිවංගත සහ රණක්‍ෂිතයට පත් සියලුම රණවිරුවන්ට සහ රෙජිමේන්තුවේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් ආශිර්වාද එක්කළහ. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සම්බන්ධ වූහ.
පසුදින (ඔක්තෝබර් මස 13) උදෑසන පිරිත් සජ්ඣායනය සඳහා වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලා 15 නම වෙත එහිදී හීල් දානය පූජා කරනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිස සමඟ මහා සංඝරත්නය වෙත දානය පූජාකරනු ලැබූහ. ආගමික වතාවත් පැවැත්වීමට ප්‍රථම එම ස්ථානයට සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකරනු ලැබීය.
2009 මැයි මාසයේදී මානුෂීය මෙහෙයුමේ අවසානය තෙක් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ සියලුම ප්‍රධාන යුද මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ කීර්තිමත් ගජබා රෙජිමේන්තුව මව්බිම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පරාර්ථකාමී සේවයක නිරත වී සිටියි.
මව්බිමේ ඒකීයභාවය සුරක්‍ෂිත කිරීම උදෙසා සිදුකළ මානුෂීය මෙහෙයුමේදී ගජබා රෙජිමේන්තුවේ විරෝදාර නිලධාරීන් 175 දෙනෙක් සහ නිර්භීත සෙසුනිලයන් 4075 දෙනෙක් සිය දිවි පූජාකළ අතර නිලධාරීන් 180 දෙනෙක් සහ සෙසුනිලයන් 4030 දෙනෙකු රණක්‍ෂිතයට පත්විය.
වර්ෂ 2009 සිට ගජබා රෙජිමේන්තුවේ සියලුම බලඇණියන්හි නිර්භීතභාවය සහ කැපවීම සමඟින් හමුදාමය මෙහෙයුම් සහ ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන්හි නිරතව සිටියි.