Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2023 20:15:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 09) දින අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි භාරගත්තේය.

එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරිමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද සහභාගී විය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.