Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2023 20:45:11 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු තුළ සැමරුම් උත්සව පැවැත්වේ

74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු තුළ ඔක්තෝබර් මස 10 දින හමුදා සම්ප්‍රදායානුකූලව සංවත්සර සැමරුම් උත්සවයන් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය. එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරිතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ධජය එසවීමෙන් අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදා ගීතය ගායනා කළහ. එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I විසින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සංවත්සර පණිවිඩය කියවීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මූලිකත්වයෙන් සැමරුමු උත්සවයක් පැවැත්වීය. එහිදී, සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ධජය එසවීමෙන් අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය. සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් භටපිරිස් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මූලිකත්වයෙන් එම සේනාංක මූලස්ථානයේදී ද සැමරුම් උත්සවයක් පැවැත්වීය. යුද්ධ හමුදා ධජය ඔසවා එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පොල් පැළයක් ද රෝපණය කරන ලදී. සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව උත්සවය සමාප්ත විය.

74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා දින පෙළපාලිය පැවැත්වූ අතර එය සජීවීව නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සියලුම කඳවුරු පරිශ්‍රයන් තුළ සම්පාදනය කෙරිණි. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමාගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.

කයිතඩි යාල් දෘෂ්‍යාබාධිත සංගමයේ පදිංචි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් 35 දෙනෙකු වෙත පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 08) දින ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයන් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මිරුසුවිල් ප්‍රාදේශීය රෝහල සහ ඒ අවට පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 09) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

එම ප්‍රජා මූලික වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2023 ඔක්තෝම්බර් මස 10 දින පේදුරුතුඩුව, මන්තිකායි රෝහල් පරිශ්‍රයේ දී තවත් ප්‍රජා මූලික වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ද හිමිවිය.

521 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සංවත්සර සැමරුමට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එස්.කේ. පෙරේරා ආර්එස්පී ගේ මඟපෙන්වීම මත විශ්වමඩු ප්‍රදේශයේ ප්‍රජා මූලික ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

553 පාබල බලසේනාව සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තර්මපුරම් ප්‍රදේශයේ පිහිටි නමචිවාය වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සංවත්සර දිනයේදී ආහාර පිරිනමනු ලැබීය. එමෙන්ම, 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකායේ භටපිරිස් විසින් තෙරාවිල් කනෝජි පෙර පාසලේ ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනාවට අයත් 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

231 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරිතුමන්ගේ සහයෝගයෙන් 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හිඟුරක්ගොඩ මිනිහිරි කාන්තා සුරකුම් මධ්‍යස්ථානයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවන් වෙනුවෙන් උදෑසන ආහාරය සහ දිවා ආහාරය පිරිනැමූ අතර සංගීතමය වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය. අනතුරුව, ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ‘දයා ආරාම’ පරිශ්‍රය තුළ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ගේ මඟපෙන්වීම මත එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 10) දින කිලිනොච්චිය 1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

එදින භටපිරිස් එක්ව රුක් රෝපණ වැඩසටහනක් පවත්වා සියළු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.