12th October 2023 19:50:32 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී පසුගිය දා අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙමින් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීය.
24 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර වෙත හමුදා සම්පාදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු සියලු නිලධාරින් විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, සේනාංක කාර්ය මණ්ඩලය සමඟින් එතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
මෙම සංචාරයේදී, එම සේනාංක කාර්ය මණ්ඩලය විසින් භඨකාර්ය සම්පාදන කරුණු, සැපයුම් ක්‍රමවේදයන්, උපකරණ නඩත්තු ක්‍රමවේදයන් සහ සම්පත් ප්‍රතිපාදන ඇතුළු කරුණු රැසක් පිළිබඳ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර දැනුවත් කළහ.
මෙම සාකච්ඡාව සඳහා සියලු බලසේනාධිපතිවරුන්, භඨකාර්ය සම්පාදන බලඇණියන්හි අණදෙන නිලධාරින් සහභාගී වූහ.
එදින සන්ධ්‍යාවේ 24 පාබල සේනාංක නිලධාරි නිවස්නයේදී මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී සියලුම මාණ්ඩලික සහ භඨකාර්ය සම්පාදන නිලධාරින් සමඟ සුහද හමුවක් පැවැත්වීය. මෙම සංචාරය සමාප්තියේදි ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර එම සේනාංක මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.