Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2023 18:18:48 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී වෙත පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදා දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් ඩී.ඒ. අමරසේකර යූඑස්පී වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන් වෙත සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.

මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමූ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

උසස්වීම් ලැබූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ඔක්තෝබර් මස 10 දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත් පිරිනැමූ අතර රාජකාරි ස්වභාවය මත මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී හට එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකි විය.