Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2023 18:37:25 Hours

ආසියානු ක්‍රීඩා උළෙලේ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල උසස්වීම්

චීනයේ හැන්හෝ ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ’ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් අද (ඔක්තෝබර් මස 11) දින උදෑසන පෙරහැරකින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැටුව එනු ලැබූ අතර ඔවුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ඇගයීමට ලක්වීමෙන් අනතුරුව ඔවුන් වෙත උසස්වීම් ද ලබාදෙනු ලැබීය.

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහ මළල ක්‍රීඩකයින් 10 දෙනෙකු හෙල්ල විසිකිරීම, මීටර් 400 x 4 සහය දිවීම සහ ක්‍රිකට් (පිරිමි සහ කාන්තා) යන ඉසව්වලින් යුද්ධ හමුදාවට සහ මව්බිමට කීර්තියක් අත්කර දෙමින් පදක්කම් දිනාගැනීමට සමත් වූහ. මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මළල ක්‍රීඩකයන් 8 සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව නිල උසස්වීම් ලබාදෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පැවති සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ දක්‍ෂතා ඇගයීමට ලක්කළ අතර එම දක්‍ෂතා තවදුරටත් වැඩිදියුණු කරගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී II එච්.කේ.කේ. කුමාරගේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා රාමනායක, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ජී.ඩී.කේ.කේ. නිකූ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් පී.එම්.පී.එල්. කොඩිකාර සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල ඒ.වී.ඩී. දිනුක දේශාන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මළල ක්‍රීඩා ඉසව් තුලින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩී.එම්.එස්.එම්. කුමාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එන්.එන්.ඩී. සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩබ්ලිව්.ඒ.කේ. කුලසූරිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ. සංජිවනී ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණ හිමිකරගත්හ.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී විය.

‘19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ’ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

මීටර් 400 x 4 සහය දිවීම පිරිමි - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික නිලධාරි II එච්.කේ.කේ. කුමාරගේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් ආර්.එම්.ආර්.එන්. රාජකරුණා

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ජී.ඩී.කේ.කේ. නිකූ

හෙල්ල විසිකිරීම (කාන්තා) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ

මීටර් 400 x 4 සහය දිවීම කාන්තා කාණ්ඩය - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීශා රාමනායක

කාන්තා ක්‍රිකට් කාණ්ඩායම - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩී.එම්.එස්.එම් කුමාරි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එන්.එන්.ඩී සිල්වා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩබ්ලිව්.ඒ.කේ කුලසූරිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ සංජිවනී