Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2023 16:16:18 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිය භාර්යාව සමඟින් ඉකුත් බදාදා (ඔක්තෝම්බර් මස 11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයීමට ලක්කළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ භාර්යාව සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවිය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මෙම අවස්ථාවට ආරාධනා කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1987 මාර්තු මස 16 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හැඳෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2020 ජුනි මස 02 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මානුෂීය මෙහෙයුම තුළ දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත රණශූර පදක්කම ද පිරිනමා ඇත.

විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති යන ධූරයන් හෙබවූවේය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කණ්ඩභාර අණදෙන නිලධාරි, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ විධායක අධිකාරි, 26 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), 26 පාබල බලසේනාව සහ 515 පාබල බලසේනාවේ බලසේනා මේජර්, කොළඹ මෙහෙයුම් විධානයේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ අණදෙන නිලධාරී, 59 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 144 සහ 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දිගුදුර ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පාඨමාලාව, ඒකක පුහුණුකරු පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, ප්‍රගුණ වෙඩික්කරු උසස් පාඨමාලාව, සුළු යාන්ත්‍රික අවි ප්‍රගුණ හා වෙඩික්කරු පාඨමාලාව, ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, කාලතුවක්කු මධ්‍යස්ථ වෘත්තීය පාඨාමාලාව - පාකිස්ථානය, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු බලඇණි අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - චීනය, ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ පාඨමාලාව - තුර්කිය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හොබවා ඇත.