Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2023 13:55:35 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ. එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 09) දින සංකේතාත්මකව නිල ලාංඡන පැළඳවීය.

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ආර්. ඇල්විටිගල යූඑස්පී, මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම්, මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පි එන්ඩිසී පීඑස්සී සහ මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී යන බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවනු ලැබීය. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආමන්ත්‍රණය කරමින් රටේ ආරක්‍ෂාව සහ සෞභාග්‍යය වෙනුවෙන් ඉදිරියේදී වඩාත් කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යුද්ධ හමුදාධිපතතුමන් දැනුවත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව මේජර් ජෙනරල් නිලයේ අසිපත පිරිනමනු ලැබීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුබපැතුම් එක්කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඡායාරූප කිහිපයකටද පෙනී සිටියහ.