04th October 2023 21:16:14 Hours
චීනයේ පැවැත්වෙන ‘ආසියානු ක්‍රීඩා උළෙලට’ සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ සැරයන් නදීෂා රාමනායක පසුගිය බදාදා (ඔක්තෝබර් 4) දින පස්වරුවේ පැවැති මීටර් 4 x 400 සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
සැරයන් නදීෂා රාමනායක සෙසු ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් මිනිත්තු 3.30.88ක් ගත කරමින් වට හතරකින් සමන්විත සහය දිවීමේ ඉසව්ව අවසන් කරමින් තෙවැනි ස්ථානය ලබා ගත්තේය. සහය දිවීමේ තරගයට ශ්‍රී ලංකාවෙන් ජයේෂි උත්තරා, ලක්ෂිමා මෙන්ඩිස් සහ තරුෂි කරුණාරත්න එක්ව සිටියහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික සැරයන් කාලිංග කුමාරගේ, සැරයන් අරුණ දර්ශන, කෝප්‍රල් රාජිත රාජකරුණා සහ ලාන්ස් බොම්බඩියර් පබෂාර නිකූ ‘ආසියානු ක්‍රීඩා උළෙලේ’ මීටර් 4 x 400 පිරිමි සහය දිවීමේ ඉසව්ව මිනිත්තු 3.02.55කින් නිමා කර ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට තවත් නව වාර්තාවක් ගෙන දුන්නේය.