Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2023 09:05:38 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස නොමැති පවුල් සඳහා නිවාස 3044කට අධික ප්‍රමාණයක් ඉදිකර දෙයි

යුද්ධ හමුදා භටපිරිස් නිවාස නොමැති පුද්ගලයින් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය 2009 වසරේදී ආරම්භ කරනු ලැබු අතර එම ව්‍යාපෘතිය තුළින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා නව නිවාස ඉදිකර දෙනු ලැබු අතර, එම ව්‍යාපෘතිය සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සංහිදියාව ප්‍රවර්ධනය කිරීමට ඉවහල් විය.

මේ වන විට යුද්ධ හමුදාව විසින් රට පුරා නිවාස 3044ක් ඉදිකර දී ඇති අතර, නව නිවාස 22ක් යුද්ධ හමුදා භටපිරිස්වල දායකත්වයෙන් ඉදිකරමින් පවතී.

වර්ෂ 2009 මානූෂීය මෙහෙයුම අවසන් වීමත් සමග ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අදාළ රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සමඟ සම්බන්ධීකරණයෙන් විවිධ දූෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා නව නිවාස ඉදිකර දීම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. එය යුද්ධයෙන් අවතැන් වූ දහස් ගණනක් සිවිල් වැසියන් යළි පදිංචි කිරීමේ දැවැන්ත අභියෝගයට අත්වැලක් විය.

යාපනය, වන්නි, මුලතිව්, නැඟෙනහිර, මධ්‍යම සහ බටහිර ඇතුළු සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සමඟ එක්ව අවශ්‍යතා ඇති පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ කටයුතුවල සක්‍රීයව නිරත වී ඇති අතර, ප්‍රජාවගේ යහපැවැත්ම උදෙසා යුද්ධ හමුදාව සිය කාර්යභාරය තමන්ට හැකි උපරිමයෙන් නිසි ආකාරව ඉටුකරමින් සිටියි. නිවාස ඉදිකිරීමෙන් ඔබ්බට, නිවාස නොමැති පවුල් සඳහා ජීවන මාර්ග සපයා දීම තුළින් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙම මානුෂීය ප්‍රයත්නයට යුද්ධ හමුදාවේ දායකත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර සමගිය සහ සුහදත්වය වර්ධනය වීමට ද හේතුවක් විය. සන්නද්ධ හමුදාවන් ජාතියේ ආරක්ෂකයින් පමණක් නොව ජාතිය ගොඩනැගීමේ සහ ප්‍රජා සංවර්ධනයේ ක්‍රියාකාරී සහභාගීවන්නන් බව එයින් පෙන්වා දී ඇත. මෙම මුලපිරීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාව ජාතියක් ලෙස එක්සත්ව සිටින විට ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකිවන බව පෙන්වා දෙයි.

2009 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාස නොමැති පුද්ගලයින් සඳහා නිවාස ඉදිකිරීම ඔවුන් වෙත දක්වන ලද දයාව, සහයෝගීතාවය සහ ප්‍රජා සේවය පිළිබිඹු කරයි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ස්ථිර නිවාස නොමැති පුද්ගලයින් සඳහා නව නිවාස ඉදිකිරීම සහ ජාතිය ගොඩනැගීමට ක්‍රියාකාරීව දායක වීමෙන් යුද්ධ හමුදාව සිවිල් වැසියන්ගේ ජීවිතවලට නව අරුතක් ගෙන ඒමට මෙන්ම ජාතිය එක්සේසත් කිරීමටද දායකත්වය ලබාදුන්නේය.