Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2023 21:56:09 Hours

නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරණ නිලධාරීන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි සංචාරයක

නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරණ නිලධාරීන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි සංචාරයක

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලා අංක - 38 හදාරණ යුධ, නාවික සහ ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදි ඔවුන් ඉකුත් සෙනසුරාදා (සැප් 23) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත කැඳවන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී ආරච්චිගේ විසින් ඔවුන්ව පිළිගෙන ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ කර්තව්‍ය පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන ලදී. පසුව ලුතිනන් කර්නල් ටී.ඩී.එම්.ඩී.එස් මීගොල්ල විසින් 2009 මැයි මාසයට පෙර සිදු කළ මානුෂීය මෙහෙයුම සහ එහි සාර්ථකත්වය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් ලබාදුන් දායකත්වය පැහැදිලි කළේය.

68 පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක තිරත වූ ශිෂ්‍ය නිලධාරීන්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ගොස් රණවිරු ස්මාරකය සහ එල්ටීටීඊයේ පැරණි සබ්මැරීන අංගනය ද නැරඹූහ. සංචාරය නිමකිරීමට මත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශිෂ්‍ය නිලධාරීන් අතර, විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.