Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2023 08:01:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92 සහ 92 බී කණ්ඩායම්වල ශිෂ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92 සහ 92 බී කණ්ඩායම්වල ශිෂ්‍ය නිලධාරීන් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 20) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි සංචාරයක නිරතවූහ.

ඔවුන්ගේ පාඨමාලා විෂය මාලාවේ එක් කොටසක් වශයෙන් මෙම සංචාරයේ නිරතවූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී. ආරච්චිගේ විසින් සංචාරයේ නිරත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සඳහා ශිෂ්‍ය නිලධාරින් 66 දෙනෙකු සහ පාඨමාලා භාර නිලධාරීන් 4 දෙනෙකු සහභාගී වූහ. එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එම්.ඩී.එස්.එන්. කරුණාරත්න පීඑස්සී විසින් එම මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් කරන ලදි.

මෙම සංචාරයේදී, ශිෂ්‍ය නිලධාරින් එම මූලස්ථානය සහ රණවිරු ස්මාරකය නැරඹූහ. අනතුරුව, 68 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය නිරත වූ ශිෂ්‍ය නිලධාරින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම සංචාරය සමාප්තියේ ශිෂ්‍ය නිලධාරින් විසින් 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.