Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2023 08:06:47 Hours

‘ආරක්‍ෂක සේවා කරාතේ ශූරතාවලිය - 2023’ හි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

‘ආරක්‍ෂක සේවා කරාතේ ශූරතාවලිය - 2023’ සැප්තැම්බර් මස 18 සිට 19 දින දක්වා කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා කරාතේ ක්‍රීඩකයින් සහභාගී වූහ.

තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගනිමින් තරඟාවලියේ ශූරතාවය දිනාගත් අතර තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හිමිවිය.

කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායම විසින් දිනාගත් අතර එම කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා කාන්තා කරාතේ කණ්ඩායම සමත්විය.