Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2023 07:06:53 Hours

සිවිල් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් කරවෙඩ්ඩි සහ පේදුරු තුඩුව ග්‍රාම නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහද හමුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකය සහ 521 පාබල බලසේනාවට අයත් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් සිය බලප්‍රදේශය තුළ සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 17) දින එම කඳවුරු පරිශ්‍රයේදී කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශවල සේවයේ නියුතු භටපිරිස් සහ ග්‍රාම නිලධාරීන් අතර සුහද හමුවක් පැවැත්වීය.

මෙම සුහද හමුවේදී, එම ප්‍රදේශවල පදිංචි සිවිල් වැසියන්ගේ පරිපාලන කටයුතු සහ විවිධ සුබසාධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා භටපිරිස්වලට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 521 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති ලුතිනන් කර්නල් ඩී.ජේ.පී. දික්කුඹුර ආර්එස්පී යූඑස්පී, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් පී.ආර්.එන්.වී.කේ. පනංගම ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද සහභාගී වූහ.