23rd September 2023 19:46:11 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙරළ තීරයන් පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය සිකුරාදා (15) දින පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මෙන්ම 242 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ආර්. ධර්මසේන ගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන්ගේ දායකත්වය හිමිවූහ.
මෙම වැඩසටහනේදී, යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සහ පොතුවිල් නගර සභාවේ සාමාජිකයින් විසින් ආරුගම්බේ දක්වා වෙරළ තීරයේ පැවති කැලි කසළ සහ දූෂක ද්‍රව්‍ය ඉවත් කරමින් එම වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.