22nd September 2023 19:58:53 Hours
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් 111 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. එරගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ එතුමන් දැනුවත් කෙරිණි. පසුව, එම කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ එතුමන් සෙසුනිලයන්ගේ පහසුකම් සබැඳිව විමසා බැලීමෙන් අනතුරුව 11 පාබල සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම සබැඳිව අදහස් දක්වමින් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියේය.