Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2023 18:44:54 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්.ඩී. ශෆියුල් භාරි (එන්ඩී) පීඑස්සී බීඑන් පසුගිය සිකුරාදා (22) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, ධූරයෙන් නික්ම යන කොමදෝරු එම්.ඩී. ශෆියුල් භාරි (එන්ඩී) පීඑස්සී බීඑන් ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු කළසීමාව තුළදී ලබාදුන් සහයෝගීතාවය සහ සුහදතාවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර, යුද්ධ හමුදාවේ මනා අවබෝධය සහ සහෝදරත්වය වෙනුවෙන් සිය ස්තුතිය ද පුදකළේය.

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පිළිබඳ සිහිපත් කරමින් එම බැඳීම් තවදුරටත් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළහ.

මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.