21st September 2023 22:02:06 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින පෙරියමඩු ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා පාබල හමුදාව කඳවුර වෙත නිල සංචාරයක් සිදුකරනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ඒ.එච්.බී. හේරත් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ඒකක අණදෙන නිලධාරීතුමන් විසින් එ්කකයේ වගකීම් හා කාර්යභාර්යය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී. අනතුරුව එතුමන් භටපිරිස් අමතමින් මනා විනයකින් සහ කැපවීමෙන් යුතුව රාජකාරීන් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර, එම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමරු ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගි වූහ.