Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2023 13:55:37 Hours

යුද්ධ හමුදා නිලධාරින් නීතිමය කරුණු සබැඳිව දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව රාජකාරියේදී දැනුවත්ව සිටිය යුතු නීතිමය කරුණු සබැඳිව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (20) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කවුෂල්‍ය නවරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියානි රත්නායක මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ අමල් රන්දෙණිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී ද අල්විස් මහතා විසින් ‘දික්කසාද නීතිය’, ‘සයිබර් අවකාශයේ සිදුකරන වැරදි’, ‘සාපරාධී අපකීර්තිය සහ පවතින නීතිවලට අදාළ සංශෝධන’, ‘ත්‍රස්තවාදී පනත සහ හදිසි නීති රෙගුලාසි’, ‘අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විරෝධතාවන් විසුරුවා හැරීමට අදාළ නීති’, ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ නීති’ සහ ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අන්තරායකර ඖෂධ ආඥාපනත සම්බන්ධ නීති’ යන මාතෘකා ඔස්සේ දේශනයන් පැවැත්වීය.

වැඩසටහන පැවැත්වෙන අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ද එම පරිශ්‍රය වෙත පැමිණ දේශනය සඳහා සවන්දුන්නේය. මෙම දැනුවත් කිරීම් දේශනය සඳහා යුද්ධ හමුදා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු නිලධාරීන් 150 ක් සහ සෙසුනිලයන් 850 කට අධික පිරිසක් සහභාගී වූහ.

සැසිවාරය සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් ආරාධිත කථිකාචාර්යවරුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලිය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී එච්ඩීඑම්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.