Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2023 18:24:33 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාමාජිකයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

දින 7ක අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණ සිටින බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාමාජිකයින් 29 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆිඋල් බාරි (Md. Shafiul Bari) අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක කපිතන් අබ්දුල් බෂාර් මොහොමඩ් ෆයිසාල් හයිදර් චවුද්‍රිගේ (Abdul Bashar Mohommad Faisal Haider Chawdhury) ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇතුළු සාමාජිකයින් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, හමුවිය.

සුහද හමුවේදී දෙරටෙහි ද්විපාර්වික පුහුණුවීම් කටයුතු පිළිබඳව සහ අන්තර්ගත විය යුතු නව අධ්‍යාපනික කරුණු පිළිබඳවද මෙහිදි අදහස් හුවමාරු කරගත්හ.

සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ කපිතාන් අබ්දුල් බෂාර් මොහොමඩ් ෆයිසාල් හයිඩර් චවුද්‍රි අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් (Humanitarian Operation of Sri Lanka) යන මාතෘකාව පිළිබඳ දේශණයක් සිදුකරනු ලැබු අතර, තවද යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, කර්නල් ඩී.ඩී.ජී.ඒ ජයවර්ධන යූඑස්පී පීඑස්සී විසින් පැමිණ සිටි නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් වෙත ‘Sri Lanka Army’ යන මාතෘකාව යටතේ ද සවිස්තරාත්මක විස්තර කිරීමක්ද සිදුකරනු ලැබීය.

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කපිතාන් අබ්දුල් බෂාර් මොහොමඩ් ෆයිසාල් හයිඩර් චවුද්‍රි විසින් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, පුහුණු අධ්‍ය‍ක්‍ෂ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ සහ ලුතිනන් කර්නල් ඒ.එච්.එම්.ටී ගුණරත්න ආර්එස්පී පීඑස්සී වෙත ස්තූතිය පුදකරන ලදී. අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වනු ලැබීය.

මෙම දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයෙන් නිකමයෑමට පෙර සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියහ. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.