16th September 2023 11:00:35 Hours
රජයේ ප්‍රතිපත්තිවලට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ මෙහෙයුම් අවශ්‍යතා මත යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ අක්කර 1 රූඩ් 3 ක් සහ පර්චස් 10.52 ක ඉඩමක් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 14) දින නැවත පවරා දෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් එම ඉඩම පවරා දීමේ නිල ලේඛනය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීස්වරන් මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී. කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉඩම පවරා දෙනු ලැබීය. දිස්ත්‍රික් ලේකම්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, නියෝජ්‍ය පොලිස්පති, 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, අධ්‍යාපන දෙපාර්තමේන්තු බලධාරීන් සහ විදුහල්පතිවරයා එම ස්ථානයට පැමිණීමෙන් පසු උත්සවය ආරම්භ විය.
උත්සව අවස්ථාව සඳහා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී, කිලිනොච්චිය ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති ජේ.එස් සමුද්‍රජීව, 551,552 සහ 553 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, කරච්චි ප්‍රාදේශීය සභාවේ ලේකම්, විදුහල්පතිතුමන්, පාසල් කාර්යය මණ්ඩලය සහ සිසුසිසුවියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.