13th September 2023 08:09:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් ඒකකයන්හි ප්‍රමිතීන් සහ කළමනාකාරීත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පවත්වනු ලබන පාලන පරීක්‍ෂණය සැප්තැම්බර් මස 6 සිට 8 දින දක්වා පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාලන පරික්‍ෂාව කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් විසින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් ප්‍රමුඛ අනෙකුත් සාමාජිකයන් විසින් මෙම පාලන පරික්‍ෂාවේදී පරිපාලන කටයුතු, ක්‍රියාකාරී අංශයන්, වගකීම් සහ ඒකකයන්හි කාර්යක්‍ෂමතාවය පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ අතර එම ඒකකයන්ගේ අංශයන්හි පවතින විවිධ කරුණු පිළිබඳ සාකච්ඡා කර ඒ වෙනුවෙන් විසඳුම් ද ලබාදෙනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියමිත ව්‍යුහයන්ට සමගාමීව ගුණාත්මකභාවය නංවාලීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම සහතික කිරීමේ අරමුණින් එම ඒකකයන්හි පරිපාලන කටයුතු පිළිබඳ නැවත තක්සේරු කිරීමේ වැදගත්කම විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් මෙම පාලන පරික්‍ෂාවට සමගාමීව 3 සන්නද්ධ බුද්ධි බලකාය, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය සහ 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරුවල නිරීක්‍ෂණ සංචාරයන්හි නිරත වූ අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ.
මෙම පාලන පරික්‍ෂාව සාර්ථකව පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, 22, 23, සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම බලප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවට අයත් ඒකකයන්හි නිලධාරීන් ගේ සහයෝගය ලබාදෙනු ලැබීය.