Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2023 19:10:39 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන්ගේ සුහද හමුවක් පැවැත්වේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික නිලධාරියා වන මේජර් ජෙනරල් ජාලිය නම්මුනි ආර්එස්පී වීඑස්වී යූඑස්පී (විශ්‍රාමික) ප්‍රමුඛ එම රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුවක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 6) දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

‘Retrospect of Legends’ මැයෙන් පැවැත්වූ මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් උපහාර පුදකළහ. එදිනට (සැප්තැම්බර් මස 06) උපන්දිනය යෙදී තිබූ මේජර් ජෙනරල් ජාලිය නම්මුනි ආර්එස්පී වීඑස්වී යූඑස්පී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් දිවංගත රණවිරුවන් වෙනුවෙන් ප්‍රථමයෙන් සිය පුෂ්පෝපහාරයන් පුදකළේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව පවත්වනු ලැබූ මෙම සුහද හමුව වර්ණවත් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නර්තන කණ්ඩායමේ ආකර්ෂණීය නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් නිලධාරින් ලෙස කටයුතු කළ මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ දිවියට අමරණීය මතකයන් එක්කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම උත්සවයේ සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ විසින් සිදුකරනු ලැබීය.

මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙනුවෙන් අමිල සේවයක් සිදුකළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් අදහස් හුවමාරු කරගැනීමට ද සේවයේ නියුතු කණිෂ්ඨ නිලධාරින්ට අවස්ථාව හිමිවිය.