Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2023 19:40:13 Hours

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යාපනය අර්ධද්වීපයේ උඩුවිල් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පාර්සල් 50 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. විදේශගතව සිටින මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත පසුගිය බදාදා (සැප්තැම්බර් මස 6) දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී.

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වජිර වෙලගෙදර ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ඒ. අහමඩ් ආර්එස්පී ගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය මත භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 51 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඩබ්ලිව්.එස්.ආර්. කුමාර සහ 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහනේදී, හාල්, පරිප්පු, අර්තාපල් අල, කිරිපිටි, ලුණු, මිරිස් කුඩු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන්හ.