Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2023 19:46:23 Hours

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන පාසල් සිසු සිසුවියන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයට අයත් 211 පාබල බලසේනාවේ භටපිරිස් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන්ට අත්වැලක් ලබාදීමේ අරමුණින් පදවිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 500 දෙනෙකු වෙනුවෙන් සැප්තැම්බර් මස 09 දින අනුරාධපුර, පදවිය බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීය.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩියූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ‘Imashi Publications’ ආයතනය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත 211 පාබල බලසේනාව වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණය අතරතුරදී, ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙත පසුගිය ප්‍රශ්ණපත්‍ර කට්ටල සහ ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර කට්ටල නොමිලේ බෙදාදුන්හ.

211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ‘Imashi Publications’ ආයතනයේ නියෝජිතයින්, පදවිය මහජන බැංකු ශාඛාවේ නිලධාරීන්, 9 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.