09th September 2023 22:09:47 Hours
නාවුල ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ 14 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එම රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාවේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා සහ කතෝලික ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් දූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.
විශේෂ බලකායේ නව බලකාධිපතිතුමන් රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව විශේෂ බලකා භටපිරිස් ආමන්ත්‍රණය කර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
මෙම අවස්ථාව සඳහා 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.